RIMES 2023 6

 ගංවතුර සහ නායයාම් ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් කලාපීය බහු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය (RIMES) සමග එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය ගංවතුර සහ නායයාම් ආපදා බහුල දිස්ත්‍රික්ක වන කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් 29 ක ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ආපදා අවදානම හඳුනාගැනීම, ආපදාවකට මුහුණදීමට සඳහා වන පෙර සූදානම්වීම, ආපදා පුර්ව දැනුම්දීමේ ක්‍රමවේද සහ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ආපදා පූර්ව දැනුවත් කිරීම් තොරතුරු සන්නිවේදනය කිරීම, ස්ථාපිත කර ඇති පූර්ව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රමවේද සහ ජීවත්වන ප්‍රදේශයේ උවදුරු සිතියම් නිර්මාණය කිරීම තුළින් තමන් ජීවත් වන ප්‍රදේශය තුළ පවතින අවදානම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ග්‍රාමීය මට්ටම දක්වා සංනිවේදනය කිරීමේ දී අනුගමන කරනු ලබන ක්‍රමවේද හා එම ක්‍රමවේදවල පවතින ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.

Grade 05 Scholarship 6

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී ගංවතුර හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රවාහන අපහසුතාවලට මුහුණ දුන් දරුවන් සහ විභාග මධ්‍යස්ථාන රාජකාරීවල නියුතු වුවන් ප්‍රවාහනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලදී.

international day for disaster risk reduction 2023 6

ආපදා අවදානම් අවමකිරීමේ සදහා වු ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙන්වෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යත්‍යන්තර දිනය ලෙස නම්කර ඇත. සාමුහිකත්වය තුළින් පමණත් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි වන තේමාව යටතේ සෑම වසරකම ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.

"සුරක්ෂිත අනාගතයකට අසමානතා දුරලමු"“සුරක්ෂිත අනාගතයකට තරුණ ජවය”යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ තරුණ සේවා සභාවේ පාඨමාලා හදාරණ කොළඹ දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සහ ආපදා කළමනාකරණය සඳහා ආසියා පැසිෆික් සහයෝගීතාවයේ අනුග්‍රහයෙන් ආපදා කළමනාකරණ අංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.

 

Deduru Oya Dam Openingපවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජලාශ වාන්දොරටු විවෘතකරනු ලබන බැවින් ජනතාව ඒ පිළිබධව සැළකිලිමත්ව කටයුතු කළ යුතු වේ.

විශේෂයෙන්ම පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 11,050 බැගින් ජලය නිකුත් කෙරේ.එබැවින් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් විය යුතු වන අතර දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. යාන්ඔය ජලාශයේ වාන් දොරටු 02 ක් සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් සුලු වශයෙන් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඍට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්යේ වාරි ජලාශ 10 ක් පමණ පිරී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහාන් කරයි.

 

grade  5 scholaship 2013

 

නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි අතර මේ වන විටත් දිස්ත්‍රික්ක 20 කට පවති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.

එබැවින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052