Monsoon Meeting 2024  1

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.

Bangladesh Team Visited DMC  4බහු-උපද්‍ර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, ආපදා පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ ආපදා හේතුවෙන් ඇති විය හැකි බලපෑම් අවම කිරීම සදහා වු පරිසරයක් නිර්මාණය කිරීම සහ එවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීම සදහා පවතින ආපදා අවදානම ප්‍රමාණාත්මකව අවම කිරීම සදහා තීරණාත්මක අවශ්‍යතාවයකි.

කලාපීය රටවල ආපදා අවදානම් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතිව බංලගලාදේශ රාජතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. බංගලාදේශ ආපදා කළමනාකරණ සහ සහන අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් කම්රුල් හසන් මහතා (Mohamed Kamrul Hasan) ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය.

Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 15ඛනිජ තෙල් සංස්ථාව විසින් ඛනිජ තෙල් බෙදාහරිනු ලබන බවුසර් රථයක් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරට පත් විය. අනතුරට ලක් වු බවුසර් රථය තුළ තිබු ඉන්ධන රාවනාගම වැවට වාරි ජලය රැගෙන යන ඇල මාර්ගයට මුසුවීම හේතුවෙන් ඉන්ධන වැව් ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා විය. මෙම තත්ත්වය නිසා ඇතිවිය හැකි පරිසර හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලබා දුන් උදෙස් අනුව අදාල පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් යුතුව රාවනාගම වැව් ජලයට මිශ්‍ර වී තිබු ඉන්ධන ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

මෙම අනතුර හේතුවෙන් ආසන්න වශයෙන් ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා වු අතර ක්ෂණිකව ජලය ගෙන යන ඇල මාර්ගය වසා දැමීටත් වැව් ජලය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමටත් කටයුතු කරන ලදී. මේ දිනවල වී වගාව සදහා ජලය නිකුක් කිරීම ආරම්භ වී ඇති බැවින් මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය ලේකම්තුමිය අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගොවීන්ට ජලය නිකුත් කිරීමට බාධාවක් නොවීමටත් වගා බිමි සදහා ඉන්ධන මිශ්‍ර ජලය නිකුත් කිරීම තුළින් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍රවී ඇති ඉන්ධන ඉවත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික සහයෝගය සහිතව නාවික හමුදාව එක්ව වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීම සිදු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් වැව් ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමෙන් අනතුරුව මහවැලි අධිකාරිය විසින් වී වගාව සඳහා ගොවීන්ට ජලය නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

 

Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 3Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 6Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 10

Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 14Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 12Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 13

foreign delegation 24-05-06 3එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය යන රටවල් මෙරට තානාපති කාර්යාලවල ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් පසුගිය මැයි හය වන වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබද අවබෝධ කරගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

2004 ඉන්දීය සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් අප රට සමාජ ආර්ථික සමාජීය සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වු බවත් එබැවින් ආපදා හේතුවෙන් අප රටට සිදු විය හැකි බලපෑම අවම කර ගැනීම සදහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පෙන්වා දෙන ලදී. එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බව නියෝජිත පිරිසට තව දුරටත් අවධාරණය කරන ලදී.

Sand Removing 2024-05-06  4ගාල්ල කහව සිට මාදම්පාගම දක්වා මුහුදු රළ ගොඩ බිමට පැමිණිම නිසා ගාලු පාරේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. මුහුදු රළ ගොඩබිමට පැමීණිමත් සමග විශාල වශයෙන් මුහුදු වැලි සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ගාලුපාර වැසී ගිය බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් එවා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ගාල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුධ හමුදාව, පොලීසිය සහ ප්‍රදේශයේ මහ ජනතාවගේ සහාය ඇතිව දෛනිකව මාර්ගය ගමනාගමනය සදහා භාවිතා කළ හැකි ආකාරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052