Road Closeමාර්ගයට ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය දහඅට වංගුවෙහි දෙවන වංගුව (උඩුදුම්බර) පුදේශයෙන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා ඇත.

මෙම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිතා කිරීමටත් හදිසි ඇමතුම් අංත 117 ඇමතීමෙන් මේ පිලිබද විස්තර දැනගැනීමට කටයුතු කරන මෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

syn-sp-earthquake-japa-1556500430

පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බව නිරීක්ෂණය වේ.

භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බවත් ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු බවත් එබැවින් ජ්‍යෙතිශය වශයෙන් සිදු කරනු ලබන කරුනු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවත් දන්වා ඇත.

Pre-school Training Badulla 3

ආපදා අවස්ථාවකදී, ආපදාවට පෙර මෙන්ම ආපදාවට පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අපගේ අවධානය එල්ල විය යුතු කරුණු බොහොමයක් පවති. ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ නිවේදන ලබාදීම, අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ පාසැල් සිසුන් ඇතුලුව අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවන් දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම තර කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

2023.03.07 Educational Programme for Undergraduate Student of NISD 5ජාතික සමාජ විද්‍යායතනයේ උපාධි හදාරණ උපාධි අපේක්ෂකයින් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම මාර්තු 07 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලදී.

විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම, පර්යේෂණ අවස්ථා ලබාදීම හා සිදු කරනු ලබන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, පුස්තකාල පහසුකම් සැලසීම මෙන්ම තෝරාගත් අංශ ඔස්සේ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.

30594496 1103517686470621 3452832429545357312 n“සුනාමියට පෙරහුරුවක් ” සුනාමි ආපදා අවදානම් පාසැල් සදහා සුනාමි ආපදා පෙරසුදාම් පෙරහුරු වැඩසටහන මේ මාර්තු මස 01 දින සිට මාර්තු 03 දින දක්වා දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍රියාත්මක කරමින් පවතී. එබැවින් මේ දිනවල සුනාමි ආපදා තත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ඔබ වෙත ලැබුණ හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

මෙම පෙරහුරු වැඩසටහන යටතේ අද (02) දින මාතර මහාමායා විද්‍යාලය, සහ ගාල්ල සුදර්මා මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි පෙරහුරු වැඩසටහන් පැවැත්වූ අතර හෙට දින (03) මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍යවිද්‍යාලය සහ කුමාර කාශ්‍යප යන පාසල් සදහා සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතය. අද දින පැවති පෙරහුරු වැඩසටහන සදහා නිකුත් කරන ලද සුනාම් අවදානම් පිළිබද පුර්ව දැනුම්දීමේ නිවේදනය එම පුහුණු සැසිය සදහා සහභාගී වු නිළධාරියෙතු විසින් මුහුණු පොතට එක්කර ඇති අතර එය මුහුණු පොත හරහා සංසරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කළබල නොවන ලෙසත් හුදෙක් මෙය පුහුණු සැසියක් සදහා නිතුක් කරන ලද සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ නිවෙිදනයක් පමණක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ. එසේම එවැනි ආපදා පුර්ව අනතරු ඇගවීමක් පිළබව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සදහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

අද දින එසේ මුහුණු පොතේ සංසරණය වු පුර්ව අනතුරු ඇගවීම් නිවේදනය පහතින් දැක්වේ.අද දින එසේ මුහුණු පොතේ සංසරණය වු පුර්ව අනතුරු ඇගවීම් නිවේදනය පහතින් දැක්වේ.

සනමයට පරහර 2023 letters page-edit

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052