NDMP 2023 18

 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතට අනුව ආපදා කළමනාකරණ ජාතික සැලස්ම සකස් කළ යුතු අතර 2023-2030 කාලසීමාව පදනම් කරගනිමින් ගෝලීය ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය සහ තිරසාර සංවර්ධන ඉලක්ක යන ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල ප්‍රධාන මූලධර්ම අනුගමනය කරමින් තිරසාර සංවර්ධනය සහ අවදානම් කළමනාකරණ ඉලක්ක ලඟාකර ගැනීම අරමුණු කරගනිමින් ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. සකස් කරන ලද ජාතික ආපදා කළමනාකරණ සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳව දැනුවත් කිරීමේ පාර්ශවකාර ආයතනවල අදහස් විමසීමේ වැසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා ඒක්සත් ජනපද නියෝජිතායතනයේ(USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු, ලෝක ආහාර වැඩසටහනෙහි(WFP)නේවාසික අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධික් සහ ජනාධිපති ලේකම්කාර්යාලීය උපදේශක  ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි යන මහත්මයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේ දී අද (07) දින පැවැත් විය.

 

 

පවතින ආපදා අවදානම් අවම කිරීම සහ නව ආපදා අවදානම නිර්මාණයවීම වැළැක්වීම සදහා ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව තුළ පෙන්වාදී ඇති ගෝලීය ප්‍රමුඛතා පදනම් කරගනිමින් සකස් කර ඇති ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් විවිධ අවදින්හිදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ පැවරී ඇති නිශ්චිත වගකීම් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සඳහා මඟ පෙන්වීම සපයන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ප්‍රතිවිපාක කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම තත්වයන් කළමනාකරණ කර ගැනීම සඳහා ආපදා හානි අවම කිරීම, පෙර සූදානම, හදිසි මෙහෙයුම් සහ පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන අදියරවල අරමුණුගත සියලුම ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකාර ආයතනවලට ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් මගපෙන්වනු ලබයි.

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ දී ජාතික සහ පළාත් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන යන ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ සියළු පාර්ශවකාර ආයතන ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීම සඳහා දායකත්වය දක්වන ලදී.

NDMP 2023 20NDMP 2023 33NDMP 2023 59

NDMP 2023 30NDMP 2023 41NDMP 2023 39

NDMP 2023 48NDMP 2023 72NDMP 2023 22

NDMP 2023 49NDMP 2023 57NDMP 2023 59

 

IOwave 2023 Stakeholder Awareness meting 01 14සුනාමි ආපදාවක දී ජනතාවගේ ජීවිත සුරක්ෂික කිරීම වෙනුවෙන් ඉන්දියානු සාගර කලාපයේ රටවල් ඒකාබද්ධව ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය විසින් (Indian Ocean Tsunami Warning System.(IOTWS) සංවිධානය කරනු ලබන වාර්ෂික ඉන්දියානු සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන එළබෙන ඔත්කෝබර් මස පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම කලාපීය පෙරහුරු වැඩසටහනට සම්බන්ධ වන කලාපීය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහනට පැවැත්වෙන ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිජහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ දී අද දින (28) පැවැත් විය.

සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂාකිරීම, ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරායාම සඳහා ගතවන කාලය පිළිබඳ ඇඟැයීමට ලක්කිරීම, පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනාගැනීම, සංනිවේදන පද්ධතිවල පවතින අඩුපාඩු, අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම, සුනාම් ආපදාවක දී ඉන්දීය සාගර කලාපීය රටක් වශයෙන් අප රටෙහි ඇති පුර්ව සුදානම පරීක්ෂා කිරීම, ආපදාවකදී ප්‍රතිචාර දැක්වීම සහඳා මහජනතාව හුරුකරවීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පාර්ශවකාර ආයතන ධාරිතාව පරීක්ෂා කිරීම මෙම ඒකාබද්ධ පෙරහුරු වැඩසටහන තුළින් පරීක්ෂා කෙරේ.

Badulla Compettition 01මානව හා ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් නිර්මාණය වන ආපදා අවදානම් ප්‍රමාණාත්මකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලදී බදුල්ල දිස්ත්‍රික්කයෙහි විද්‍යමාන විය. එබැවින් දිස්ත්‍රික්කය තුළ වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම අවම කිරීම සදහා පුර්ව සූදානම්වීමේ වැදගත්කම සමාජ ගත කිරීමේ අරමුණින් 2022 වර්ෂයේ දී බදුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තරඟාවලිය පැවැත්වීම මගින් දිස්ත්‍රිකය පුරා ජනතාවගේ සාමුහික මැදිහත්වීම සහ අවධානය යොමු කරගැනීමේ වැදගත් කම පිළබව යෝජනාක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව එවකට බදුල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි ඉටුකරන ලද දිස්ත්‍රික් ලේකම්තුමියගේ විශේෂ අවධානය යොමු වු අතර ඒ අනුව මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රිකයෙන් ආරම්භ විය.

එම සංකල්පයට අනුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි වසමකම එකම දිනයක දී ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වූ අතර, ප්‍රදේශයේ පවතින මානව හා භෞතික සම්පත් පමණක් යොදා ගනිමින් ප්‍රජාව, රාජ්‍ය යාන්ත්‍රණය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව ව්‍යාපෘති ආරම්භ කිරීම මෙහි ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ප්‍රාදේශීය ආපදා අවමකිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රමදානමය සංකල්පය තුළින් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 567 ම ආවරණය වන ලෙස වසම් මට්ටමින් ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කොට පසු ගිය ජුලි මස 20 වන දින සිට සතියක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක විය.

Badulla DRR Competition 2023 3

මානව හා ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් නිර්මාණය වන ආපදා අවදානම් ප්‍රමාණාත්මකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලදී බදුල්ල දිස්ත්‍රික්කයෙහි විද්‍යමාන විය. එබැවින් දිස්ත්‍රික්කය තුළ වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම අවම කිරීම සදහා පුර්ව සූදානම්වීමේ වැදගත්කම සමාජ ගත කිරීමේ අරමුණින් ආපදා අවදානම් අවමක කිරීමේ ව්‍යාපෘති තරඟාවලියක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවිධානය කිරීමට බදුල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී. මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගැයීම වරාය, නාවික සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල්සිරිපාල සිල්වා ආමාත්‍යතුමා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 27 වන දින බදුල්ල රිවර්සයිඩ් හෝටලයේ දී පැවැත්විනි.

ශ්‍රමදානමය සංකල්පය තුළින් දියත් වූ ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අධික්ෂණය කර තොරාගන්නා ලද ජයග්‍රාහී ව්‍යාපෘති 15ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිරීක්ෂණය කරන ලදී. එහි දී ආපදා අවදානම් කළමනාකරණ සංකල්පය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් ව්‍යාපෘති නිරීක්ෂණය කරන ලදී. ව්‍යාපෘතියෙහි අරමුණ, ව්‍යාපෘති සැලැස්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අදියරයන්හි දී තාක්ෂණය භාවිතා කිරීම සහ ව්‍යාපෘතිය අවසාන් ප්‍රතිඵලය දක්වා නිර්ණායක 10 ඔස්සේ ලකුණු ලබාදීම සිදු කරන ලදි. ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලියේ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහන පිළිබඳ අවසන් ප්‍රතිඵල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවසන් උත්සව (27) දිනයේ දී ප්‍රකාශයට පක් කරන ලදී.

ආපදා කළමනාකරණ ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්කවරුන් සහ පළාත්පාලක ආයතනවල මගපෙන්වීම යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් දිස්ත්‍රික්කය පුරා ව්‍යාපෘති සංඛ්‍යාව 578 ක්‍රියාත්මක කරන ලද අතර ශ්‍රමදාන මට්ටමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජා මූලික ආපදා අවදානම් අවමකරණය ව්‍යාපෘතිවල දළ ඇස්තමේන්තුව මිලියන 60 කට ආසන්න විය.

ග්‍රාම සේවා වසම තුළ සේවය කරනු ලබන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සහන සේවා නිලධාරින්, වතු නියොජිතයන්, වන සංරක්ෂණ හා වනජීවි නිලධාරින්, සෞඛ්‍ය සේවා අංශ නිලධාරින්, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරින්, ත්‍රීරෝද රථ රියදුරන්, ස්චෙච්ඡා නිලධාරින් හා ප්‍රජාව සමඟ ඒකාබද්ධ වූ අතර, ගම් මට්ටමින් පැවති ග්‍රාම සංවර්ධන සමිති ඇතුළු ප්‍රජා මූලික සංවිධාන ඒකාබද්ධ වෙමින් ආගමික නායකයින්ගේ ආශිර්වාදය සමඟ ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය දියත්විය.

“ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් යුරෝපා සංගමයේ මුල්‍ය ආධාර යටතේ ඌව පළාත තුළ ක්‍රි්යාත්මක පළාත් පාලන ධාරිතා වර්ධන ව්‍යාපෘතියෙහි (CDLG Project) මුල්‍ය දායකත්වය යටතේ සංවිධානය කරන කරන ලද අතර ශ්‍රමදාන සංකල්පය තුළින් ප්‍රජාමුලික සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි අවදානම ඉහළ ව්‍යාපෘති සඳහා එමඟින් විසඳුම් ලැබිණි. ප්‍රදේශය තුළ පවතින අවදානම් මාර්ග සංවර්ධනය කිරීමේ, වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම, නායයෑම් අවදානම් අවම කිරීම, පාංශු ඛාදනය අවම කිරීම, අනතුරුදායක ගස් ඉවත්කිරීම, වගා හානි අවම කිරිම, ජල පෝෂක සංරක්ෂණ කිරීම, වන සත්ව හානි අවම කිරීම, පොදු ගොඩනැගිලිවල පවතින අවදානම අවම කිරීම, කැලෑගිනි අවදානම අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම ආදී ක්ෂේත්‍ර 22 කට අදාලව ව්‍යාපෘති 578 ආසන්න ප්‍රමාණයක් මේ යටතේ නිම කිරීමට හැකි විය.

Badulla DRR Competition 2023 8  Badulla DRR Competition 2023 0  Badulla DRR Competition 2023 16

Badulla DRR Competition 2023 7  Badulla DRR Competition 2023 11  Badulla DRR Competition 2023 15

Badulla DRR Competition 2023 12  Badulla DRR Competition 2023 10  Badulla DRR Competition 2023 9

 

 

 

 

 

Heat 02-02-2020දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වේ. මෙනිසා ඔබට ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (28) දිනයේ මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ගෝලීය ගණිතම කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ, වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත් ශරීරයට දැණෙන උණුසුම බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052