Badulla Compettition 01මානව හා ස්වාභාවික සංසිද්ධීන් හේතුවෙන් නිර්මාණය වන ආපදා අවදානම් ප්‍රමාණාත්මකව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය වසරවලදී බදුල්ල දිස්ත්‍රික්කයෙහි විද්‍යමාන විය. එබැවින් දිස්ත්‍රික්කය තුළ වර්ධනය වෙමින් පවතින ආපදා අවදානම අවම කිරීම සදහා පුර්ව සූදානම්වීමේ වැදගත්කම සමාජ ගත කිරීමේ අරමුණින් 2022 වර්ෂයේ දී බදුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සාකච්ඡාවේදී බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තරඟාවලිය පැවැත්වීම මගින් දිස්ත්‍රිකය පුරා ජනතාවගේ සාමුහික මැදිහත්වීම සහ අවධානය යොමු කරගැනීමේ වැදගත් කම පිළබව යෝජනාක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව එවකට බදුල්ල දිස්ත්‍රික්කයේ රාජකාරි ඉටුකරන ලද දිස්ත්‍රික් ලේකම්තුමියගේ විශේෂ අවධානය යොමු වු අතර ඒ අනුව මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රිකයෙන් ආරම්භ විය.

එම සංකල්පයට අනුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි වසමකම එකම දිනයක දී ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වූ අතර, ප්‍රදේශයේ පවතින මානව හා භෞතික සම්පත් පමණක් යොදා ගනිමින් ප්‍රජාව, රාජ්‍ය යාන්ත්‍රණය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව ව්‍යාපෘති ආරම්භ කිරීම මෙහි ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ප්‍රාදේශීය ආපදා අවමකිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රමදානමය සංකල්පය තුළින් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 567 ම ආවරණය වන ලෙස වසම් මට්ටමින් ආපදා අවදානම අවම කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කොට පසු ගිය ජුලි මස 20 වන දින සිට සතියක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක විය.

 

 

Heat 02-02-2020දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වේ. මෙනිසා ඔබට ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (28) දිනයේ මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ගෝලීය ගණිතම කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ, වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත් ශරීරයට දැණෙන උණුසුම බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තෝරාගත් ගංඟා නිම්නවල ආපදා ප්‍රත්‍යස්ථතාව ඉහළ නැංවීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයදේශගුණික ඔරොත්තු දීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්.

wavugam Pubuduwa 2023-07-07 17ශ්‍රී ලංකා රජය සහ හරිත දේශගුණික අරමුදලේ මුල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක් කරනු ලබන දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) හෙවත් වැවි ගම් පුබුදුව වැඩසටහන මල්වතු ඔය, යාන්ඔය සහ මීඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වන ආන්තික දේශගුණික තත්ත්වයන්ට මෙම ගංගාධාරවල ජීවත් වන ජනතාව සතු අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටුකළ යුතු කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘති සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අතර ඒකාබද්ධ අවබෝධතා ගිසිසුමක් අත්සන් කෙරිණි.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහ දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

 

සුනාමි ආපදා තත්ත්වයක දී සිවිල් මහජනතාව ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පුද්ගයින් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා ඇති සුදානම පිළිබඳ සමාලෝචන රැස්වීම

Seal off plan 1සුනාමි ආපදා අවදානම් සහිත මුහුදු බඩ දිස්ත්‍රික්කවල ජීවත් වන මහජනතාව සුනාමි ආපදා තත්ත්වයක දී ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පිරිස් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා එම ප්‍රදේශවල ආරක්ෂාව භාරව කටයුතු කරන යුද්ධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථාන, ගුවන් සහ නාවික හමුදා‍ව, පොලීසිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල පවතින ආයතනික සැලසුම් පිළිබඳ සාමාලෝචන රැස්වීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී අද දින (07) පැවැත්විනි.

 

ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව

 

111ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම සඳහා වු වැඩමුළුවක් ජුනි මස 23 වන දින වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.

 

ව්‍යයසන කළමනාකරණ පනත අනුව ජාතික හසිදි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සහ ව්‍යයසන අවස්ථාවක දී එය ක්‍රියාවට නැංවීම සදහා ව්‍යසන කළමනාකරණ සදහා වු ජාතික සභාවට සහාය දැක්වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වගකීම කි. ආපදා අවස්ථාවක  දී ජාතික හදිසි සැලසුම අනුව පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණ කරමින් බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම, සිදුවිය හැකි හානි අවම කිරීම, ආපදාවට ලක්වූවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ගොඩනැගීම ජාකික හදිසි මෙහෙයුම් සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052