Road-closed-3 850x460 acf croppedකඩුගන්නාව නුවර කොළඹ මාර්ගය දෙපස අවදානම් සහිත ගස් ඉවත් කිරීම නිසා (25) විකල්ප මාර්ග භාවිතා කරන්න.

2018.10.25 වන දින කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කි.මී 97 කණුවේ සිට කි.මී 98 කණුව දක්වා අවදානම් ගස් ඉවත් කිරීමට සැළසුම් කර ඇත. අවදානම් සහිත ගස් ඉවත් කිරීම පෙ.ව. 9.00 සිට ආරම්භ කිරීමට අපේක්ෂිතය.

කොළඹ නුවර මාර්ගය භවිතා කිරීමේ දී ඇතිවි හැකි මාර්ග අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා   පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයෙහි කරඩුපන මංසන්දියෙන්  රඹුක්කන නගරය,හතරලියද්ද හරහා මහනුවර.

මාවනැල්ල,හෙම්මාතගම,ගමිපොල හරහා මහනුවර.

අඹේපුස්ස, කුරුණෑගල හරහා මහනුවර.

 

සවචඡ බලකයක සථපත කරමහදිසි අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ක්‍රියා කිරීමට කැමති 100,000 යුතු පිරිසක ආපදා මෙහෙයුම් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසීය.
එහි මුල් පියවර වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය ඒකාබද්ධව වසය අවුරුදු 18 වැඩි බාල දකෂ/දක්ෂිකාවන් හට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණුවක් ලබා දී ස්වේච්ඡා බලකායක් ලෙස ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී 2018-09-21 සිට 23 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. මෙම වැඩසටහන දීපව්‍යාප්තව පවැත්වීමට කටයුතු කරන අතර විවිධ වෘත්තීන්ට අයත් සහ ස්වේච්ඡාවෙන් හදිසි අවස්ථාවලදී ක්‍රියා කිරීමට කැමති 100,000 යුතු පිරිසක් ආපදා මෙහෙයුම් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

 

press 2018-09-11පවතින නියං තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (11) මාධ්‍ය දැනුවත් කරන ලදී.2017 සැප්තැම්බර් 11 දින වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 248,519 ක පුද්ගලයින් 890,001 ක් නියං තත්වය නිසා බලපෑමට ලක්වී ඇති බවත්, පීඩාවට පත්ව ඇති ජනතාව සඳහා වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය මඟින් ජල බවුසර් මඟින් අවශ්‍ය ජලය බෙදා හැරීම සහ සහන කටයුතු සඳහා සම්බන්ධීකරණ කරන බව අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ අද දින පැවති මාධ්‍යවේ දී අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. 

එසේම වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පවුල් 192,148 කට පානීය ජලය බෙදා හැරීම සිදු කෙරේ. මේ සදහා රජය රුපියල් මිලියන 58.4 ක් වැය කර ඇත. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය ඇතුලු දිස්ත්‍රික්ක 17 ක ජනතාව පීඩාවට පත්ව ඇත.
2017 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව පානිය ජල අවශ්‍යතා බෙදා හැරීමට ජල බවුසර් බෙදා දී ඇති අතර මේ වන විට ජල බවුසර් 405 ක් බෙදා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය(75), ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය(230) සහ ජනාධිපති ලේකම් කාර්යාලය (100) කටයුතු කර ඇත. එසේම ජලය බෙදාහැරීමේ දී ග්‍රාමීය මට්ටමේ භාවිතා කිරීම සදහා ජල ටැංකි 10,512 ක් නියං ආපදාවට මුහුණ දෙන දිස්ත්‍රික්කවලට බෙදා දී ඇත.
තවද 2016 මහ 2017 යල සහ 2018 මහ කන්න යන කන්න තුනේදීම නියගයෙන් වගා හානි වු ප්‍රදේශ සදහා නියං සහනාධාර වැඩසටහන යටතේ වියලි සළාක සහනාධාර ලබාදීම සිදු කරයි. මේ සදහා අමාත්‍යාංශය රුපියල් මිලියන 2,104 ක් වැය කර ඇති අතර ඉතිරි වාරිකය ගෙවීම සදහා රුපියල් මිලියන 700 ක ‍ප්‍රතිපාදන ලබාගැනීට කටයුතු කර ඇත. එසේම නියගයට මුහුණ දෙන උතුරු මැද පළාතේ ළිං ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන ලබාගැම සදහා කැබ්නට් අනුමැතිය ලබාගැනීමත් එයින් මිලියන 100 ක් මේ වනවිටටත් අදාල දිස්ත්‍රික්ක වෙත ලබාදීමටත් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල තත්වය සළකා බැලීමේ දී පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට පැවති ජල මට්ටමට වඩා 17% ජල මට්ටමක් පවතින බව තවදුරටත් පෙන්වා දෙන ලදී.
වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්, වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්, ජල සම්පත් කළමනාකරණ මණ්ඩලයේ සභාපති, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශ ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "ආපදා අවදානම් අවම කිරීම සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහය තුළට ඇතුළු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමග ඉදිරි සැලසුම් සකස් කිරීමේ වැඩසටහන" 2018 09 06 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලදී. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බහුජාතික සහ ජාතික මට්ටමේ ව්‍යාපාරික ආයතන 60 ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි විය.

ආපදා කළමනාකරණය සදහා පෞද්ගලික අංශය මගින් දෙනු ලබන දායකත්වය, ආපදා සහනසේවා වැඩසටහන්වලින් ඔබ්බට යමින් සිදුකිරීම සදහා මෙම වැඩසටහන ඉවහල් වන අතර ශ්‍රී ලංකාව තුළ ආපදා අවදානම් අවම කිරීම සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහය තුළට ඇතුලු කිරීම සදහා සෙන්දායි රාමුවෙහි ප්‍රධාන අංග වන අවදානම් හදුනාගැනීම, අවදානම් පාලනය, අවදානම් සංවේදී ආයෝජනය සහ අවදානම් අවමකිරීම සදහා පෙරසුදානම්වීම යන අංශ ආවරණය වන පරිදි පුද්ගලික අංශය සදහා මාර්ගෝපදේශ සැකසීම මෙම වැඩමුලුවෙහි ප්‍රධාන අරමුණ විය.

 

Tsumani 2018වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය සියලු පාර්ශවකාර ආයතන වල සහභාගීත්වයෙන් “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2018 සැප්තැම්බර් 05 දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක පැවැත්විණි.

ගාල්ල,අම්පාර,මුලතිව් යන දිස්ත්‍රික්කවල පිළිවෙළින් හික්කඩුව,පවුල් 80 ක පුද්ගලයින් 223ක් ද , නින්තවූර් පවුල් 930 ක පුද්ගලයින් 930 ක් ද සහ මුහුදුබඩපත්තු (Maritimepattu) පවුල් 1295 ක පුද්ගලයින් 3738ක් වශයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සුනාම් කුලුණු ආශ්‍රිතව වඩාත් අවදානම් යැයි හදුනාගත් ග්‍රාම නිළධාරී කොට්‍ඨාශ 02 බැගින් තෝරාගෙන පවුල් 2305 ක පුද්ගලයින් 4991 සුනාමි ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික පෙරහුරුවක් සිදු කෙරිණ. එසේම තෝරාගත් පාසැල්,තෝරාගත් රාජ්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථාන, තොරාගත් සංචාරක හෝටල් මෙම පෙරහුරුව සදහා සහභාගීවිය.

යාපනය, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, මාතර, කලුතර, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රිත්කවල සුනාම් කුලුණු ක්‍රියාකාරීත්වය සහ සංඥා නිකුත් වන දුර සහ සංඥාවල පැහැදිළිබව සහ ශබ්දය පරීක්ෂා කරනු ලබන අතර සියලු පුර්ව සංනිවේදන සම්බන්ධතාවල ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණයට ලක්කෙරිණි. ස්වාධීන නීරික්ෂකයින් (Observers) සහ ඇගැයිම්කරුවන් (Evaluation) මගින් මේ පිළිබද පරීක්ෂා කළ අතර 270 ක ස්වේච්ඡාවෙන් මෙම කාර්ය සදහා සහයෝගය දක්වන ලදී. Prof. Richerd Haigh සහ මහාචාර්ය දිලන්ති අමරතුංග එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) නියෝජනය කරමින් සහභාගී විය. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) නියෝජනය කරමින් වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ උපදේශක Thakayaki Nagai මහතා සහභාගී විය.

වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ජාතික සුනාම් පෙරහුර වැඩසටහන සදහා,
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික සහන සේවා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, වෙරළආරක්ෂක පාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු ආපදා කළමනාකරණය පිළිබද පාර්ශවකාර ආයතන ස්වාධීන නීරික්ෂකයින් (Observers) සහ ඇගැයිම්කරුවන් (Evaluation) සම්බන්ධ විය.

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන 2018 සැප්තැම්බර් 05 දින පැවැත්වීමට තීරණය කෙරිණි. ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, කැමරුන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාණය, කෙන්යාව, මැඩගස්කර්, මැලේසියාව, මුරුසි දිවයින, මොසැම්බ්ක්, මියන්මාර්, ඕමාන්, පාකිස්ථානය, ෂීෂෙල්ස්, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, යෙමනන් ඇතුලු කලාපීය රටවල් 28 ක් මෙම කලාපීය සුනාමි පෙරහුරුව සදහා සහභාගී විය.

වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටේ ජනාතවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා රටවෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වු සම්මුතිවලට එකගත්වය ඵල කර ඇත. සුනාම් ආපදාවක දී රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) විසින් සාමාජික රටවලට සුනාමි ආපදා තත්වයක දී කටයුතු කළයුතු ආකාරය පිළිබදව පෙරහුරු අභ්‍යාෂ සිදුකිරීම සහ පවතින ක්‍රමවේද යාවත්කාලීන කිරීම සහ උපදෙස් අනුව කටයුතු කිරීමට රටක් වශයෙන් අප බැදී ඇත.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052