2024-03-11 Meeting with WFP officers  DG office 14ලෝක ආහාර සංවිධානයේ පූර්වාපේක්ෂක ක්‍රියාමාර්ග වැඩමුළුව සඳහා වන කලාපීය උපදේශිකා සුමයියා කාබීර් (Sumaiya Kabir) සහ මෙරට ක්‍රියාත්මක ආපදා ප්‍රත්‍යස්ථතා, හදිසි පෙරසුදානම් සහ සමාජ ආරක්ෂණය ප්‍රධානී රුෂිණි පෙරේරා යන මහත්මියන් ගේ ප්‍රධානත්වයෙන් යුතු ලෝක ආහාර සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් මාර්තු 11 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනෙරාල් හමුවිය.

DMC NEW DG ASINGE DUTIES 2024 2ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා අද දින (07) වැඩ භාරගන්නා ලදී. වසර 34 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා ඉන්දියාවේ ඔස්මානියා (Osmania) විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව කළමනාකරණය පිළිබද පශ්චාද් උපාධිය හිමිකරගෙන ඇත. එසේම ඉන්දියාව, බංගලිදේශය, පාක්ස්ථානය, කෙන්යාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් වෘත්තීය අධ්‍යාපනය හදරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පීඨයයෙහි පීඨාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.

වසර 34 ක සේවා කාලය තුළ 52, 53 සහ 61 වන සේනාංකවල සේනාංකාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අණදෙන නිලධාරී, යුධ සේවා ලේකම්, යුධ හමුදා පුහුණු විධාන අධ්‍යක්ෂ සහ සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMIS) හමුදා නිරීක්ෂක නිලධාරියා වශයෙන් ද කටයුතු කර ඇත. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ විවිධ ක්ෂේත්‍රයන්හි තනතුරු රාශියක් දරා ඇති මේජර් ජෙනරාල් උදය හේරත් මහතා රණවික්‍රම පදක්කම් 05 ක්, රණශූර පදක්කම් 02 ක්, විශිෂ්ට සේවා විභූෂණ සහ උත්තම සේවා ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇති යුධ හමුදාව තුළ විවිධ පරාශයන් තුළ වගකීම් දරා ඇති ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

Revised Preparedness  Planing concept at Local level 2024 4වර්ෂ 2030 වන විට සපුරාගත යුතු අනෙකුත් ගිවිසුම් හා සම්මුතීන් වන “සෙන්දායි ‍රාමුව (2015 -2030)” “තිරසාර සංවර්ධන ඉලක්ක 2015-2030” සහ “දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් සමම්මුතිය 2015-2030” වැනි ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමංජිකයින් වශයෙන් කටයුතු කරන ලොව සෑම රටක්ම එකඟත්වයකට පැමිණ ඇත.

2015 වර්ෂයේ දී පවත්වන ලද ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තෙවන ලෝක සමුළුවට අනුව එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් ආපදා අවදානම් අවම කිරීම සඳහා වන සෙන්දායි රාමුව පිළිගෙන තිබෙන අතර එමගින් ආපදා අවදානම සහ ආපදා නිසා සිදුවන ජීවිත, ජීවනෝපාය හා සෞඛ්‍යමය හානි මෙන්ම පුද්ගලයෙකුගේ, ව්‍යාපාරයක, ප්‍රජාවක හෝ රටක සිදුවිය හැකි ආර්ථික, භෞතික, සමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වත්කම්වලට සිදුවන හානි සැළකිය යුතු මටිටමකින් අවම කිරීම සම්බන්ධව කටයුතු කරයි.

Heeting 2024

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

එම දෙපාර්තමේන්තුව විසින් අද දින (01) නිකුත් කර ඇති කාලගුණික නිවේදනයට අනුව බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණ යන පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද හෙට (02) දින උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

මේ හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

 

2024-02-19 Swedens mission  9අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම ස්විස්ටර්ලන්ත රජයේ අනුග්‍රහය ලබාදීමට එකඟත්වය පළ කරන ලදී.

ඒ අනුව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ආපදා තත්වයකදී ප්‍රතිචාර දැක්වීමට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට (INSARAG) අනුකූලව සෙවීම් හා මුදවා ගැනීමේ සැහැල්ලු කණ්ඩයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික පදනම සහ පුහුණුව ලබා දීම සදහා වු එකඟතා ගිවිසුමකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අත්සන් තැබීම 2024 පෙබරවාරි මස 19 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

මෙම එකඟතා ගිවිසුම සදහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය වෙනුවෙන් ස්විස්ටර්ලන්ත තානාපතිනී අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අදීප තිලකරත්න මහතා අත්සන් විසින් අත්සන් තබන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052