ඉදිරි දින වලදී කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ. 

fishing-boa

මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තල සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා  වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70, 80 දක්වා ඉහළ යාමට හැකියාවක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සෙසු මුහුදු ප්‍රදේශවලද සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60  දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරු දායක බව ධීවර ජනතාවට දැනුම් දේ. එසේම නාවුක කටයුතු වල යෙදෙන පිරිස මුහුදේ රළු ස්වභාවය පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

එසේම වෙරළ සීමාවේ ජල ක්‍රිඩා කිරීම, දිය නෑම නොකරන ලෙසත් වෙරළබඩ සංචාරයේ යෙදෙන පිරිස් කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිලිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති නිවේදනය

 

 

රදමටයඑවායුගෝලීය ආර්ද්‍රතාවය සහ උණුසුම් කාලගුණික තත්වය ගණනය කිරීමෙන් සාදනු ලබන උණුසුම් දර්ශකයට අනුව මේ දින වල බොහෝ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ඉහළඋෂ්ණත්වයෙන් බලපෑම් ඇති වෙතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ හේතුවෙන් ගතයුතු පියවරයන් සම්බන්ධවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.උණුසුම් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි ශාරීරික අපහසුතා මග හැර ගැනීමට හා වැළදිය හැකි රෝගාබාධ වලින් මිදීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

Sea Surgeඅප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද දින (26) බේරුවල සිට ගාල්ල මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.00 ක් පමණ ඉහළ යාමට හැකියාවක් පවතින බවත් මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණිමට හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

press 26 ministerනිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ශ්‍රි ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ඉදිරි දින කීපය තුළ අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා අද දින (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට මායිමිව කිලෝමීටර් 1000 කට පමණ ඈතින් මුහුදේ කුණාටු තත්වයක් ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් අප්‍රේල් මස 28 දින සිට මැයි මස 01 වන දින දක්වා අයහපත් කාලගුණික තත්වයක් ඇති විය හැකි බව අමාත්‍යතුමා දුරටත් දැනුම් දෙන ලදී.

 

Bad Weatherසබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

உட்பிரிவுகள்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052