සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීමත් නියං තත්වයක් වර්ධනයවීමත් හේතුවෙන් පානීය ජලය ලබා ගැනීම, බල ශක්ති අර්බුදයක් පැන නැගීම මෙන්ම වනාත්තර ගිණිගැනීම වැනි ව්‍යයසන තත්වයන් වාර්තා වී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. අමාත්‍යතුමා මේ බව පැවසුවේ පවතින ආපදා තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද දින (05) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
ආපදා සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අංක 117 මෙත ඇමතුමක් ලබා දී ඒ පිිළිබදව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටින ලදී. එසේම ඔබගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු සියලු අංශ ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලක් සකස් කර ඇති බව පෙන්වා දෙන ලදී.
වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උණුසුම් කාලගුණික තත්වය ගණනය කිරීමෙන් සාදනු ලබන උණුසුම් දර්ශකයට අනුව මේ දින වල බොහෝ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ඉහළ උෂ්ණත්වයෙන් බලපෑම් ඇති වෙතැයි කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ හේතුවෙන් ගතයුතු පියවරයන් සම්බන්ධවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. උණුසුම් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි ශාරීරික අපහසුතා මග හැර ගැනීමට හා වැළදිය හැකි රෝගාබාධ වලින් මිදීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
ලාංකිකයන් වන අපට සුනාමි යන වචනය අසන්නට ලැබුනේ ද සුනාමි ව්‍යසනයෙන් ලද අමිහිරි අත්දැකීම් වලින් පසුවය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්ම විය. හය එතෙක් ලොව වාර්තා වු තෙවනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලගා විය. දිස්තික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දුන් අතර ජීවිත 35,000 ක් අහිමි කර ඇත. කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලිවිය.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.

මෙවර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කෙරේ.
ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වේ.
සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතනයනවල 2018.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට හා විවිධ ආපදාවන්ගෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සෙත් පතා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
අනු-ප්‍රවර්ගයන්
News & Events
- පරිසර හානිය අවම කරගනිමින් රාවනාගම වැවට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමට පියවර.
- ගාල්ල කහව සිට මාදම්පාගම දක්වා මුහුදු රළ ගොඩ බිමට පැමිණිම හේතුවෙන් ගාලු පාරෙහි ගමනාගමනයට ඇතු වු බාධා ඉවත් කිරීම
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනය/ Heat index Advisory / வெப்ப குறியீடு பற்றிய எச்சரிக்கை பற்றிய எச்சரிக்கை
- සාමාන්‍ය පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්. ඇතිවිය හැකි ගැටලු සම්බන්ධව 117 ට කියන්න.
- Training Programme on Mainstreaming Disaster Risk Reduction
හදිසි ඇමතුම්
117+94 112 670 002