ප්‍රධාන ක්‍රියාකාරකම් :

  • ජාතික ආපදා කළමනාකරණ සැලසුම සහ ජාතික හදිසි මෙහෙයුම් සැලසුම සම්පාදනය, සමාලෝචනය සහ යාවත්කාලීන කිරීම.
  • පළාත්, දිස්ත්‍රික්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සකස් කිරීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම සහ අධීක්ෂණය.
  • හදිසි අවස්ථාවන්හිදී රෝහල්ගත කිරීම් සම්බන්ධයෙන් ආපදා පෙර සූදානම් සැලසුම්වලට ඇතුලත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම සහ සහාය වීම.
  • පාසල් ආපදාවලින් සුරක්ෂිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම සහ සහාය වීම.
  • හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමට පළාත් පාලන ආයතන සවිබලගැන්වීම.
  • සුළිසුලං, ගංවතුර, නායයෑම් වැනි විවිධ ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්විමේ සැලසුම් සම්පාදනය කිරීම.
  • විවිධ ව්‍යසනයන් හේතුවෙන් අවදානම් සහගත තත්ත්වයට පත්ව ඇති ප්‍රජාවන් හඳුනාගැනීම සහ  ආපදා කාල සීමාව තුළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානම් ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම.
  • ආපදා කළමනාකරණ කමිටු සහ උප කමිටු පත්කිරීම.
  • ආපදා කළමනාකරණය, ව්‍යසන, අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීම.
  • ගමෙහි ඇති ආරක්ෂිත ස්ථාන, ආරක්ෂිත මාර්ග යනාදිය පෙන්නුම් කෙරෙන ව්‍යසන සිතියමක් සකස් කිරීම.
  • පෙරහුරු පැවැත්වීම
  • ගම තුළ පූර්ව අනතුරු හැඟවීම් විකාශය කළහැකි ශබ්ද විකාශන වැනි උපකරණ බෙදාහැරීම.
  • හදිසි ප්‍රතිචාර සඳහා අවශ්‍ය බෝට්ටු, අඟුල් වැනි උපකරණ බෙදාහැරීම.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052