පුහුණු, අධ්‍යාපන සහ පොදු දැනුවත් කිරීම් අංශය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජා කණ්ඩායම් ද ඇතුළුව අදාළ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ අනෙකුත් සියලු පාර්ශ්වයන් සඳහා පුහුණු අවස්ථා ලබාදීම සහ පොදු දැනුවත්කිරීම් මෙහෙයවනු ලැබේ.

අංශයේ කාර්ය භාරය :

  • මග සැලසුම සහ සංයුක්ත සැලැස්මට අනුව අංශයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික සංකල්ප සහ සැලසුම් සකස් කිරීම.
  • පාසල් සිසුන්, අධ්‍යාපනික ආයතන, රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව, රාජ්‍ය නොවන සංවිධාන /අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ප්‍රජාව අතර ආපදා කළමනාකරණ සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ පොදු දැනුවත් කිරීම ප්‍රවර්ධනය සහ සංඛ්‍යාත්මකව ඉහල දැමීම.
  • විශ්ව විද්‍යාල විෂය ධාරාව සමග ආපදා අවදානම් අවම කිරීමේ විෂයයන් ඒකාබද්ධ කිරීම තුළින් විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීම.
  • අධ්‍යාපන අමාත්‍යාංශය /අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් තෝරාගත් පාසල් අතර පාසල් ආරක්ෂා කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත්භාවය ඉහල නැංවීම.
  • පුහුණු වැඩසටහන් හා කෙටි පාඨමාලා පැවැත්වීම තුළින් වෘත්තීයමය කණ්ඩායම් සහ ප්‍රධාන තීරණ ගනු ලබන්නන් අතර ආපදා කළමනාකරණය / ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම.  
  • නිලධාරීන් පුහුනු කිරීම සහ පුහුනු ආධාර / උපකරණ  සැපයීම මගින් ප්‍රධාන ආයතන අතර ධාරිතා වර්ධනය කිරීම.
  • අඛණ්ඩව අධ්‍යාපනය තුළට ආපදා කළමනාකරණ පුහුනු විෂයයන් ඒකාබද්ධ කිරීම.
  • ජාතික ආපදා කළමනාකරණ සභා රැස්වීම් සම්බන්ධීකරණය.
  • ආපදා කළමනාකරණය සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ  දැනුම ඉහල නැංවීම සඳහා කොළඹ සහ පිට පළාත් අභ්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම සහ පැවැත්වීම.
  • අවශ්‍යතාවය පරිදි ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර සමුළු අවස්ථාවන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කිරීම.
  • වාර්ෂික අයවැය සංවර්ධනය, අංශ / ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කිරීම සහ මූල්‍ය වියහියදම් අධීක්ෂණය.
  • වැඩ සැලසුම මගින් අපේක්ෂිත කාර්යයන් නිසි පරිදි ක්‍රියාවට නැංවීම උදෙසා කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ සැලසුම් සහගත වැඩ පරිසරයක් පවත්වා ගැනීම.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052