ආපදා අවදානම් අවම කිරීම (DRR) යනු අන්තර්-ඡේදක සහ සංකීර්ණ ක්‍රියාවලියකි. එබැවින්, දේශපාලනික සහ නෛතික මැදිහත්වීම්, මහජන අවබෝධය, විද්‍යාත්මක දැනුම, සුපරික්ෂාකාරී සංවර්ධන සැලසුම්, ප්‍රතිපත්ති හා නීති සම්පාදනය තුළින් තීරණාත්මක මැදිහත්වීම්, මහජන කේන්ද්‍රීය පූර්ව අනතුරු හැඟවීමේ පද්ධති සහ කාර්යක්ෂම ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ආපදා කළමනාකරණයේ දී අවශ්‍ය වේ. ආපදා අවදානම් අවම කිරීම සඳහා බහු පාර්ශ්වකාර ආයතන සම්බන්ධීකරණය තුළින් අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්පත් සැපයීම හෝ බෙදා හැරිම කළ හැකිය. එසේම බහු පාර්ශ්වකාර ආයතන සම්බන්ධීකරණය තුළින් සංවර්ධන ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ධාරාවට ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලියද එකතු කෙරේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වය යටතේ ජාතික ආපදා කළමනාකරණ ස්ථාපිත කර ඇත.

කම්ටුවේ කාර්යභාරය හා වගකීම් වනුයේ :

  • එකිනෙක හා අන්තර්  සම්බන්ධිත සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු සඳහා පිළියම් යෙදිය හැකි ජාතික යාන්ත්‍රණයක් වශයෙන් කටයුතු කිරීම.
  • ජාතික සැලසුමට අනුව ආපදා අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම උදෙසා ආපදා අවදානම් අවම කිරීමේ ක්ෂේත්‍රයෙහි කඩිනම් අවශ්‍යතා හඳුනාගැනීම, සම්පත් වෙන්කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම් සඳහා කාල සීමා නිර්ණය කිරීමට සහාය වීම.
  • ජාතික පාර්ශ්වකරුවන් අතර, ජාතික, කලාපීය සහ අන්තර් ජාතික සංවිධාන අතර ඉතා යෝග්‍ය, සම්පත් සහිත, ඵලදායි හා ඒකාබද්ධ ආපදා අවම කිරීමේ වැඩපිළිවෙලක් ගොඩනැගීම උදෙසා කටයුතු කිරීම. ආපදා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම උදෙසා ක්‍රමානුකූලව රාමුවක් සකස් කිරීම තුළින්  සංවර්ධන අරමුණුවලට සහාය වීම.
  • ජාතික මට්ටමේ උපදේශන සහ සම්මුති ගොඩනැගීම, ආපදා අවදානම් අවම කිරීමේ ප්‍රමුඛතා හඳුනාගැනීමට සහ ප්‍රතිපත්ති සම්පාදනය, ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සහ අධීක්ෂණය සදහා  උත්ප්‍රේරණයක් වශයෙන් කටයුතු කිරීම.  අවසන් ප්‍රතිඵලය නිශ්චිත "සැලසුමක්" සකස්කිරීම කිරීමට වඩා ආපදා අවදානම් අවම කිරීමෙහි අරමුණුවලට ළඟාවිය හැකි පරිදි ප්‍රගතිය කළමනාකරණය කිරීමෙහි ලා අවධාරණය යොමුකරවීම; සහ
  • ආධාර සපයන්නන්, සංවර්ධන බැංකු සහ තම තමන්ගේ රටවල් නියෝජනයකින් තොරව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන මගින් ලබාදෙන සම්පත් වෙන්කිරීමට පහසුකම් සැලසීම. ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ඒකාබද්ධ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලවල වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙමින් මෙය තවදුරටත් වැඩිදියුණු කළහැකි වේ.

ප්‍රාථමික ක්‍රියාකාරකම් :

  • ආපදා සහ අවදානම් තොරතුරු, ජාතික ප්‍රතිපත්ති, උපාය මාර්ග, ධාරිතාවන්, සම්පත් සහ වැඩසටහන් ඇතුළුව, ආපදා අවදානම් අවම කිරීමේ මූලික මට්ටමේ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම.
  • අරමුණු, දුර්වලතා, සැලකිලිමත් විය යුතු තැන්, අභියෝග සහ ආපදා අවදානම් අවම කිරීමේදී පිළිගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
  • ආපදා අවදානම් අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමේ හෝ සම්මත කිරීමේ හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම.
  • ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය සහ එම වැඩසටහන් සංවර්ධන ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන ප්‍රවාහය සමග සම්බන්ධ කිරීමෙන් ලද ප්‍රගතිය මැන බැලීම.
  • සුරක්ෂිත ශ්‍රී ලංකාවක් උදෙසා, ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ ජාතික සැලසුමට අනුව ආපදා අවම කිරීමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කළහැකි පරිදි, ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවට අවශ්‍ය ප්‍රතිඵල පාදක වැඩ සැලසුමක් සම්පාදනය කිරීම.
  • සාපේක්ෂ වශයෙන් ඉහල අවදානමක් සහිත පුද්ගලයින්ගේ අවදානම් සහගත තත්වයන් අවම කිරීම සඳහා ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින්ගේ ඒකාබද්ධ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම.
  • සුරක්ෂිත ශ්‍රී ලංකාවක් උදෙසා, ආපදා කළමනාකරණය සැලැස්මට අනුව, ජාතික සහ ප්‍රජා මට්ටමේ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් අධීක්ෂණය, පටිගත කිරීම හා වාර්තා කිරීම.
  • උගත් පාඩම් හා සාර්ථක ක්‍රියාකාරකම් ලේඛනගත කිරීම සහ ඒවා ජාතික, කළාපීය සහ අන්තර් ජාතික මට්ටමින් හුවමාරු කරගැනීම.
  • සංවර්ධන සහ මානුෂීය ආධාර සැපයීම සඳහා ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන් ජාතික මට්ටමේ සැලසුම්, ප්‍රතිපත්ති හා වැඩසටහන් සමග වඩා හොඳින් ඒකාබද්ධ කිරීම උදෙසා කටයුතු කිරීම.
  • ප්‍රජා තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ ප්‍රජා මූලික ආපදා කළමනාකරණ (CBDM) ප්‍රවේශය ආරම්භ කිරීම. සහ
  • CBDM සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවතින ආපදා අවදානම් කළමනාකරණ (DRM)/ආපදා අවදානම් අවම කිරීම (DRR) පිලිබඳ ක්‍රියාකාරකම්, පරතරයන් හඳුනාගැනීම සහ යොදාගතහැකි යාන්ත්‍රණයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සඳහා දිරිගැන්වීම.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052