හදිසි අනතුරු ඇඟවීම්

rss

Supilipanna  Programme 2026-07-27  4සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සමාජයක්, පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් සහ තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා යටතේ මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ආචාරධාර්මික වටිනාකම් සහිත රාජ්‍ය සේවකයන් බිහිකිරීමයි.

‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම අද (07/27) දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය යන ආයතන නිළධාරීන් මේ සඳහා සහභාගි විය.

Supilipanna  Programme 2026-07-27  5Supilipanna  Programme 2026-07-27  6Supilipanna  Programme 2026-07-27  8

Supilipanna  Programme 2026-07-27  1Supilipanna  Programme 2026-07-27  2Supilipanna  Programme 2026-07-27  7

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052