Sand Removing 2024-05-06  4ගාල්ල කහව සිට මාදම්පාගම දක්වා මුහුදු රළ ගොඩ බිමට පැමිණිම නිසා ගාලු පාරේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. මුහුදු රළ ගොඩබිමට පැමීණිමත් සමග විශාල වශයෙන් මුහුදු වැලි සහ අනෙකුත් අපද්‍රව්‍යවලින් ගාලුපාර වැසී ගිය බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් එවා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ගාල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුධ හමුදාව, පොලීසිය සහ ප්‍රදේශයේ මහ ජනතාවගේ සහාය ඇතිව දෛනිකව මාර්ගය ගමනාගමනය සදහා භාවිතා කළ හැකි ආකාරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය මැයි 05 වන දින සිට කල්පිටිය සිට පොතුවිල් දක්වා දකුණු මුහුදු තීරයේ රළ මට්ටම මීටර තුනක් දක්වා ඉහළ යා හැකි බවත් එසේම කොළඹ සිට මාතර දක්වා මුහුදු වෙරළ තීරයේ මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබිණි.

Sand Removing 2024-05-06  1Sand Removing 2024-05-06  2Sand Removing 2024-05-06  3

Sand Removing 2024-05-06  5Sand Removing 2024-05-06  6Sand Removing 2024-05-06  7

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052