Emergency Warnings

rss

සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙනයාම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වේ.

Transport for OL student in Kalutha 2023  4මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇති වන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහා ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වසම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කර එය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව පසුගිය දිනවල දී ළු ගංගා ද්‍රෝණියට ඇද හැලුණු වර්ෂාව නිසා කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහළ කුඩලිගම ප්‍රදේශයේ ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා වු අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට මෙම තත්වය තුළ මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැණිනි.

කුඩලිගම මහා විද්‍යාලයේ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටි සිසුන් සහ කාර්ය මණ්ඩලය සදහා බාධාවකින් තොරව නිසි වේලාවට විභාග මධ්‍යස්ථානය වෙත යාම සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයාදීමට කටයුතු කර ඇත.

එසේම කළු ගංගා ද්‍රෝනියේ ඉහළ ජල ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර එබැවින් කළු ගංගාවේ උපද්‍රෝණියක් වන කුඩා ගග පිටාර තැන්නේ පිහිටි පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අවා ඇත.

Transport for OL student in Kalutha 2023  3  Transport for OL student in Kalutha 2023  1

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079