සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.

Access to Examination O-L 2023 8සාමාන්‍ය පෙළ විභාගය කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම නිළ වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ මහතා විසින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාරදීම අද (15) දින විභාග දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි.

නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත් වෙන කාල සීමාව තුළ ආපදා වලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. එපමණක් නොව, ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙම කරුනු පිළිබද අවධානය යොමු කරනමින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කෙරිණි. මෙහි දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවකාර ආයතන එක්ව ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා අවම කරගැනීම සදහා අවශ්‍ය මෙම ආපදා පෙරසුදානම් සැළස්ම සකස් කිරීමට පියවර ගන්නා ලදී.

මෙම සැළසුම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණු දීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් විභාගයට මුහුණ දීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. ඒ සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ අන්තර්ගත කර ඇත.

ඊට අමතරව යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක මගින් විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට ආපදා හේතුවෙන් මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම උපයෝගී කර ගත හැකිය. විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණු දීමට සිදුවිය හැකි අවම කරගැනීම සදහා සම්බන්ධීකරණ පෙරසුදානම් සැලැස්ම පහත දිගුව තුළින් භාගත කර ගත හැක.

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැලැස්ම

Access to Examination O-L 2023 6  Access to Examination O-L 2023 2  Access to Examination O-L 2023 1

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079